මේ ප්‍රශ්නෙ නිතර ඇහෙනවා. ප්‍රශ්නෙ සම්පූර්න නැති උනත් අහන්න හදන දේ අපිට තේරුම් ගන්න පුලුවන්. මේ අයට අවශ්‍ය සෝලා පැනල් භාවිතා කරලා යම්කිසි ප්‍රශ්නයක් විසඳන්න. එක්කො ඒ විදුලිබිල අඩු කර ගන්න එක. නැතිනම් ඒ විදුලිය කැපීමට විසඳුමක් ලෙස.
සෝලා පැනල් කිව්වට පැනල් විතරක් මදි. චාජ් කොන්ට්‍රොලර්, (ඔෆ්-ග්‍රිඩ් හෝ හයිබ්‍රිඩ් නම්) බැටරි, සහ ඉන්වටර් ඕනේ
ග්‍රිඩ් එකට් කනෙක්ට් වෙන නිසා ග්‍රිඩ්-ටයිඩ් සහ හයිබ්‍රිඩ් ගැන කතා නොකර ඉමු. ලන්කාවෙ නීති අනුව ඒව අපිටම හදා ගන්න බෑ. සමාගමකින් ගන්න වෙනවා.
පොඩි ඔෆ්-ග්‍රිඩ් සිස්ටම් එකක් හදනවා නම් ගනන් මේ වගේ
වොට් 100 පැනල් එක පිටකොටුවේ - 10,000
කාර් එකකින් අයින් කරපු වොල්ට්12 ඇම්පියර් 45 බැටරි 1 - 2000 කියමු
ඇම්පියර් 10 චාජ් කොන්ට්‍රොලර් 1 - 3000 විතර පිට කොටුවේ
වොල්ට් 230 ඕන නම් ඉන්වටර් 1 - වොට් 500-1000 වගේ එකක් 5000ක් විතර පිට කොටුවේ
මෙකෙන් පුලුවන් වොට් පැය 300ක් ගන්න පහසුවෙන්. ඒ කියන්නේ වොට් 30 ගානේ පැය 10ක්. වොට් 10 බල්බ් 3ක් පැය 10ක්.
මෙන්න මේවාත් බලන්න
No comments:
Post a Comment