Saturday, 30 March 2019

සෝලා වලට ලීෆ් බැටරි


ජනප්‍රිය මාතෘකාවක්. මොකද ලීෆ් කාර් වල බැටරි මාරු කරනවා. ඒ නිසා අයින් කරන බැටරි තියනවා. ඒ වල ඉතුරු වෙලා තියන කැපෑසිටි එක සෝලා වලට ප්‍රමානවත්. සාපේක්ශව අඩු මුදලට ගන්න පුලුවන්.




එක මොඩියුල් එකක් කිලො 3.8ක් විතර බරයි. උපරිම වොල්ට් 8.4යි. මිඩ් පොයින්ට් එක වොල්ට් 4.2යි. අලුත්ම මොඩුයුල් එකක් නම් වොට් පැය 500ක්. වාහන වලින් අයින් කරන ඒවා වොට් පැය 200-300 වගේ තියනවා.

(1) වොල්ට් 12 ලෙඩ් ඇසිඩ් වෙනුවට ලීෆ් මොඩියුල් දාන්න පුලුවන්ද ?
මොඩියුල් 2ක් සිරියල් දැම්මොත් උපරිම වොල්ට් 16.8යි. නමුත් චාජ් කොන්ට්‍රොලර් එකට ඒක ෆුල් චාජ් කරන්න බෑ. මොකද බැටරිය වොල්ට් 14.5 ට වගේ වෙනකොට චාජ් කොන්ට්‍රොලර් එක චාජ් කිරීම නවත්වනවා/හොඳටම අඩු කරනවා
මොඩියුල් 1.5ක් සිරියල් දැම්මොත්. ඒ කියන්නෙ මොඩියුල් දෙකක් සිරියල් දාලා, එකක මිඩ් පොයින්ට් එකෙන් ගත්තොත්? එතකොට බැටරියෙ ෆුල් වොල්ටෙජ් එක 12.6 . චාජ් කොන්ට්‍රොලර් එක 14.5 දක්වා චාජ් කරන නිසා, ඔවර් චාජ් වෙනවා. බැටරිය ඩැමේජ් වෙනවා
වොල්ට් 12 ලෙඩ් ඇසිඩ් වෙනුවට ලීෆ් මොඩියුල් දාන්න බෑ.

(2) වොල්ට් 24 ලෙඩ් ඇසිඩ් වෙනුවට ලීෆ් මොඩියුල් දාන්න පුලුවන්ද ?
පුලුවන්, මොඩියුල් 3.5ක් දාන්න. ඒ කියන්නෙ මොඩියුල් 4ක් සිරියල් දාලා, අන්තිම මොඩියුල් එකේ මිඩ් පොයින්ට් එකෙන් ගන්න. බැටරිය ෆුල් වෙන්නේ 4.2 X 7 = 29.4 වොල්ට් වලදි. චාජ් කොන්ට්‍රොලර් එකත් වොල්ට් 29දි වගේ තමයි කට්-ඔෆ් එක.

(3) වොල්ට් 48 ලෙඩ් ඇසිඩ් වෙනුවට ලීෆ් මොඩියුල් දාන්න පුලුවන්ද ?
පුලුවන්, මොඩියුල් 7 ක් සිරියල් දාන්න. බැටරිය ෆුල් වෙන්නේ 4.2 X 14 = 58.8 වොල්ට් වලදි. චාජ් කොන්ට්‍රොලර් එකත් වොල්ට් 58 දි වගේ තමයි කට්-ඔෆ් එක.

No comments:

Post a Comment