මොකක්ද මේ වොට් පැය කියන්නේ ?
ඇයි ඒක වැදගත් වෙන්නේ ?
අපි විදුලිය ගැන කතා කරනකොට වොල්ට් ගාන, ඇම්පියර් ගාන , වොට් ගාන වගේ ඒකක පාවිච්චි කරනවා. ඒ වගේම එකක් තමයි "වොට් පැය" කියන්නේ
වොට් පැය වලින් මනින්නේ මොකක්ද?
1. යම් උපකරනයක් යම් කාලයක් තුල භාවිතා කරන විදුලි ශක්ති ප්රමානය
2. බැටරියක ගබඩා කරන්න පුලුවන් විදුලි ශක්ති ප්රමානය
3. යම් කිසි දෙයකින් යම් කාලයක් තුල ජනනය කරන විදුලි ශක්ති ප්රමානය
ඔෆ්-ග්රිඩ් එකකට වොට් පැය ගාන වැදගත් වෙන්නේ, අපිට කොපමන පැනල් ඕනෙද, අපිට කොතරම් ලොකු බැටරියක් ඕනේද කියලා බලන්නයි
අපි බලමු උදාහරනයක්. කෙනෙක් අහනවා ඔෆ් ග්රිඩ් එකෙන් වොට් 10 බල්බ් 5ක්, පැය 8ක් පත්තු කරන්න පැනල් කීයක් ඕනේද, බැටරි මොනවද ඕනේ කියලා.
අපි බලන්න ඕනේ වොට් කීයක්, පැය කීයක් පාවිච්චි කරනවද කියලා. මෙතන වොට් 10X5= වොට් 50ක් පැය 8ක්. වොට් 50X පැය 8= වොට් පැය400.
තව උදාහරනයක් ගමු. කෙනෙක් අහනවා එසී එකක් පැය 10ක් දාන්න පැනල් කීයක් ඕනෙද කියලා. මේ වගේ ප්රශ්න ඇහුවම අපි මුලින්ම හදා ගන්නෙ ඕනේ වොට් පැය ගාන. ඒසී එක ඕන්/ඔෆ් වෙන නිසා අපිට ඔය වොට් පැය ගාන හරියටම ගන්න අමාරුයි. ඒසී එක වොට් 2000නම් පැය 10න් පැය 5ක්ම ඇත්තටම ඔෆ් නම් අපිට හදන්න පුලුවන් වොට්2000Xපැය5 = වොට් පැය 10,000යි කියලා.
දැන් මේ පැනල් එකෙන් හදන විදුලි ප්රමානය බැටරි වල ගබඩා කරන්න ඕනේ. හිතන්න අපි වොට් පැය 100ක් හදා ගන්නවා කියලා. මේක ගබඩා කරන්න ඕන බැටරිය මොකක්ද ?
බැටරි වල කැපෑසිටි සාමාන්යෙන් මාක් කරලා තියෙන්නේ ඇම්පියර් පැය වලින් . ( ගොඩක් අය වැරදි විදියට ඇම්පියර් කියලා කියන්නේ). ඇම්පියර් පැය 10ක බැටරියක් කියන්න්නේ ඒ බැටරියට ඇම්පියර් 1 ගානේ පැය 10ක් දෙන්න පුලුවන් කියන එකයි. එහේ නැතිනම් ඇම්පියර් 10 ගානේ පැය 1ක්. ඔය වගේ කම්බිනේශන් ඕන එකක්.
ඇම්පියර් පැය ගාන ගහල තියන බැටරියක වොට් පැය ගාන බලන්න කරන්න ඕනේ ඒ බැටරියෙ වොල්ට් ගානෙන් වැඩි කරන එක. ඒ කියන්නේ වොල්ට් 12 , ඇම්පියර් පැය 10 බැටරියක් තියනවා නම් ඒකේ කැපෑසිටි එක වොට් පැය වලින් ගත්තොත් 12 X 10 = වොට් පැය 120.
දැන් ඔය ඇම්පියර් පැය 120ක් තියන බැටරිය, අපේ ඇම්පියර් පැය 100 දාන්න ප්රමනවත්
සෝලා පැනල් එක පැත්තෙන් බැලුවමත්, ඔය විදියමයි. සෝලා පැනල් එක වොට් 100 නම්, ඒකට හොඳට ඉර එලිය කෙලින්ම පැක 5ක් වැටෙනවා නම්. ඒකෙන් ගන්න පුලුවන් වොට් 100 X පැය 5 = වොට් පැය 500ක්

Can we get the exact wattage out from a solar panel? Isn't there a efficiency reduction?
ReplyDeleteMata podi panal akakin 12v batriyak caj karanna w kiyaka panal ekak oneda 15 atida
ReplyDelete