Monday, 1 April 2019

මූලික දැනුම - බැටරි කැපෑසිටි - ප්‍රායෝගික අගයන්



මුලින්ම මේක කියවන්න.

https://off-grid-lanka.blogspot.com/2019/04/blog-post.html

චාජ් කරන්න පුලුවන් බැටරි වල ගහලා තියනවා කැපෑසිටි එක. එක්කො වොට් පැය වලින් , එක්කො ඇම්පියර් පැය වලින්. ඇම්පියර් පැය, වොට් පැය කරන්න හරිම ලේසියි. බැටරියේ සාමාන්ය වොල්ටෙජ් එක අරන් ඇම්පියර් පැය ගානෙන් වැඩි කරන්න.



උදාහරනයක් විදියට මේ ෆොන් බැටරිය බලන්න. මේකෙ ෆුල් වොල්ටෙජ් එක 4.2 උනාට ඇවරේජ් එක ගන්නෙ 3.8 කියලා

මිලි ඇම්පියර් පැය ගාන = 3100
ඇම්පියර් පැය ගාන = 3.1
ඇවරේජ් වොල්ට් ගාන = 3.8
වොට් පැය ගාන = 3.1 X 3.8 = 11.78

සාමාන්යෙන් බැටරියක කියන මුලු වොට් පැය ගානම අපිට පාවිච්චි කරන්න බෑ. මොකද ගොඩක් ඩිස්චාජ් උනාම බැටරි ඉක්මනට සවුත්තු වෙන නිසා. ගොඩක් චාජ් උනාමත් එහෙමයි.

උදාහරනයක් විදියට වොල්ට් 12 ඇම්පියර් පැය 45ක් අ කාර් බැටරියක් ගත්තොත්, ඒකේ වොට් පැය ගාන 12 X 45 = වොට් පැය 540. ඒ උනට අපිට ඕනෙක් 50%ක් තමයි ගන්න පුලුවන්. ඒ කියන්නෙ වොට් පැය 270

ඩීප් සයිකල් නම් ඊට වඩා ඩීප් ඩිස්චාජ් කරන්න පුලුවන්. ඒ නිසා කැපෑසිටි එකෙන් 80% විතර ගන්න පුලුවන්.

ලිතියම් අයන් වලත් පාවිච්චි කරන්න පුලුවන් කැපෑසිටි එක සාමාන්යෙන් ලෙඩ් ඇසිඩ් වලට වඩා ඉහලයි. සාමාන්ය ගනනය කිරීමට 80% කියල ගන්න පුලුවන්.

👉
ඔය කොයි බැටරියත් පරන වෙනකොට කැපෑසිටි බහිනවා. ඒ නිසා තමයි පරන බැටරි ගන්නකොට ටිකක් ප්රවේශම් වෙන්න ඕනේ.👈
x

කැපෑසිටි එක මනින විදිය වෙන පොස්ට් එකකින්


මූලික දැනුම - වොට් පැය කියන්නේ මොකක්ද ?


ඔෆ්ග්‍රිඩ් එකක් ගැන කතා කරන හැම තැනදිම වොට්-පැය කියන වචනෙ කියවෙනවා.



මොකක්ද මේ වොට් පැය කියන්නේ ?

ඇයි ඒක වැදගත් වෙන්නේ ?

අපි විදුලිය ගැන කතා කරනකොට වොල්ට් ගාන, ඇම්පියර් ගාන , වොට් ගාන වගේ ඒකක පාවිච්චි කරනවා. ඒ වගේම එකක් තමයි "වොට් පැය" කියන්නේ

වොට් පැය වලින් මනින්නේ මොකක්ද?

1. යම් උපකරනයක් යම් කාලයක් තුල භාවිතා කරන  විදුලි ශක්ති ප්‍රමානය
2. බැටරියක ගබඩා කරන්න පුලුවන් විදුලි ශක්ති ප්‍රමානය
3. යම් කිසි දෙයකින් යම් කාලයක් තුල ජනනය කරන විදුලි ශක්ති ප්‍රමානය

ඔෆ්-ග්‍රිඩ් එකකට වොට් පැය ගාන වැදගත් වෙන්නේ, අපිට කොපමන පැනල් ඕනෙද, අපිට කොතරම් ලොකු බැටරියක් ඕනේද කියලා බලන්නයි


අපි බලමු උදාහරනයක්. කෙනෙක් අහනවා ඔෆ් ග්‍රිඩ් එකෙන් වොට් 10 බල්බ් 5ක්, පැය 8ක් පත්තු කරන්න පැනල් කීයක් ඕනේද, බැටරි මොනවද ඕනේ කියලා.

අපි බලන්න ඕනේ වොට් කීයක්, පැය කීයක් පාවිච්චි කරනවද කියලා. මෙතන වොට් 10X5= වොට් 50ක් පැය 8ක්. වොට් 50X පැය 8= වොට් පැය400.  

තව උදාහරනයක් ගමු. කෙනෙක් අහනවා එසී එකක් පැය 10ක් දාන්න පැනල් කීයක් ඕනෙද කියලා. මේ වගේ ප්‍රශ්න ඇහුවම අපි මුලින්ම හදා ගන්නෙ ඕනේ වොට් පැය ගාන. ඒසී එක ඕන්/ඔෆ් වෙන නිසා අපිට ඔය වොට් පැය ගාන හරියටම ගන්න අමාරුයි. ඒසී එක වොට් 2000නම් පැය 10න් පැය 5ක්ම ඇත්තටම ඔෆ් නම් අපිට හදන්න පුලුවන් වොට්2000Xපැය5 = වොට් පැය 10,000යි කියලා.

දැන් මේ පැනල් එකෙන් හදන විදුලි ප්‍රමානය බැටරි වල ගබඩා කරන්න ඕනේ. හිතන්න අපි වොට් පැය 100ක් හදා ගන්නවා කියලා. මේක ගබඩා කරන්න ඕන බැටරිය මොකක්ද ?

බැටරි වල කැපෑසිටි සාමාන්යෙන් මාක් කරලා තියෙන්නේ ඇම්පියර් පැය වලින් . ( ගොඩක් අය වැරදි විදියට ඇම්පියර් කියලා කියන්නේ).  ඇම්පියර් පැය 10ක බැටරියක් කියන්න්නේ ඒ බැටරියට ඇම්පියර් 1 ගානේ පැය 10ක් දෙන්න පුලුවන් කියන එකයි. එහේ නැතිනම් ඇම්පියර් 10 ගානේ පැය 1ක්. ඔය වගේ කම්බිනේශන් ඕන එකක්.

ඇම්පියර් පැය ගාන ගහල තියන බැටරියක වොට් පැය ගාන බලන්න කරන්න ඕනේ ඒ බැටරියෙ වොල්ට් ගානෙන් වැඩි කරන එක.  ඒ කියන්නේ වොල්ට් 12 , ඇම්පියර් පැය 10 බැටරියක් තියනවා නම් ඒකේ කැපෑසිටි එක වොට් පැය වලින් ගත්තොත් 12 X 10 = වොට් පැය 120. 

දැන් ඔය ඇම්පියර් පැය 120ක් තියන බැටරිය, අපේ ඇම්පියර් පැය 100 දාන්න ප්‍රමනවත්

සෝලා පැනල් එක පැත්තෙන් බැලුවමත්, ඔය විදියමයි. සෝලා පැනල් එක වොට් 100 නම්, ඒකට හොඳට ඉර එලිය කෙලින්ම පැක 5ක් වැටෙනවා නම්. ඒකෙන් ගන්න පුලුවන් වොට් 100 X පැය 5 = වොට් පැය 500ක්